ගංවතුරෙන් විපතටපත් දුවා දරුවන් 150කට පාසැල් උපකරණ සැපයීම
ජල රකුසා පහර දුන්නේ නොසිතූ මොහොතකය. විපතට පත් අය අතර වූ, කැළණි ගං දෑල අසබඩ කඩුවෙල සහ මාලබේ ප්රදේශ වල විසූ පවුල්ද තම සියළු වටිනා කියන දෙය අතහැර තම පණනල පමණක් රැගෙන උස් බිම් තීරයන් වෙත ලඟා වුනේ ස්වභාව ධර්මය එතරම් ම තමනට එරෙහි නොවනු ඇතැයි පරම විශ්වාසයෙන් යුතුවය.