Home > Projects > PRRIII Second Project Stage I – Kuda Bibula School – Update 1

RIDMA Foundation member Athula Koralage visited the Kotiyagala Kanishta Vidyalaya to inspect the progress of the work done.

මහ මැතිවරණයකට පසුදිනක, මින් පෙර කවරදාක හෝ නොතිබුන අන්දමේ උදාසීන බවක පරිසරය මිදී ගොසිනි.

ජයග්‍රහණයෙන් උදම්වුවන් හෝ පරාජයෙන් ඇකිලී ගිය කෙනෙකු පෙනෙන මානයක නැති බෙලිඅත්ත – මිද්දෙණිය පාරේ අපේ රිය ඉදිරියට ඇදෙයි.

ඡන්ද ප්‍රතිපල නිකුත් කල පෙරදා රැයෙහි වුවද ඉඳ හිට ඇසුන රතිඤඤා හඬ මිසක අන් කවර හෝ සිදුවීමක පුවතක් නෑසුන මෙවර මැතිවරණයේ ආශ්චර්ය ගැන සිතමින්, මීට වසර ගණනකට පෙර තිබු අයුරින්ම පවතින වීරකැටිය පස් මන්හන්දියට බෙලිඅත්ත දෙසින් වන සපත්තු බෝක්කුව මතින් පිවිසුන අප මිද්දෙණිය දෙසට ගමන් කරන්නේ හවස් වෙන්නට පෙර කුඩා බිබුල ගම්මානය වෙත යාගන්නටය.

නිසලව වැතිරී ඇති උඩුකිරිවිල වැව එය ඉස්මත්තෙන් පෙනෙන කඳු වැටිය දක්වා පැතිරෙයි. අපි වැව් බැම්මේ මදක් නතර වී ඡායා රූපයක් ගත්තේ එහි අසිරිය සිහිවටනයක හෝ ගෙනයාමටය.

අපි මීගස්ආර ගොවිජන සේවා ගොඩනැගිල්ල අසලින් දකුණට හැරී තව තවත් නිහඬ බවෙහිම ගිළෙන පරිසරය තුලටම ගමන් කළෙමු.

හ/කුඩාබිබුල විදුහල. පුවරුව අපේ ගමනාන්තය සලකුණු කරයි. නිවාඩු කාලය නිසා පාසල් භුමිය පාළුවට ගොසිනි.

Click here to read more…

You will need Adobe Acrobat Reader (a free download) from here.