Event Name Miss Jenis | මිස් ජෙනිස් | Sinhala Movie
Event Date June 13, 2021
Venue Grand Cygnet Cinema - Como (Perth)
Artists Late Dr. Jayalath Manoratne, Giriraj Kaushalya, Duleeka Marapana, Roshan Ranawana

Description

Book Tickets Online

නළුවෙක් කියන්නේ ඕනෑම චරිතයකට පණ පොවන්න පුළුවන් කෙනෙකුට. තමන්ව අමතක කරලා ක්ෂණයෙන් වෙනත් කෙනෙකු බවට පත්වෙන්න හොඳ නළුවකුට හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් නළුවෙක්ට ලැබෙන්නේ පිරිමි චරිත වුණත් ඉතා කලාතුරකින් කාන්තා චරිතත් හිමිවෙනවා. ඒවාට උදාහරණය ඕනෑ තරම් පෙන්වා දෙන්න පුළුවන්. එවන් වූ අවස්ථා වල එය විශේෂ පුවතක් බවට ද පත් වෙනවා.

අපේ තවත් ප්‍රවීණ රංගධරයෙක් කාන්තාවකට ඇන්දා. ඒ සිනමාපටයක් වෙනුවෙන්. අභාග්‍යයකට චිත්‍රපටය තිරගත වුණාට පසුව ප්‍රේක්ෂක ප්‍රතිචාර විඳීන්න ඔහුට අවකාශය ලැබුණේ නැහැ. ඒ මේ විශිෂ්ටයා අප අතරින් සදහටම සමුගත් නිසා. ඔහු තමයි ආචාර්ය ජයලත් මනෝරත්න. ඔහු කාන්තා වෙස්ගත් චිත්‍රපටය තමයි මිස් ජෙනිස්.

මිස් ජෙනිස්සුසිරන් ද සිල්වාගේ අධ්‍යක්ෂණයක්. ඔහු කැපීපෙනුන ටෙලිනාට්‍ය රැසක් තැනූ අධ්‍යක්ෂවරයෙක්. මනෝකාය, එකට ගැටුම, ඉසුරු යෝගය, නිර්සත්වයෝ, ඉන් කිහිපයක්. මිස් ජෙනිස් තමයි සුසිරන්ගේ කුලුඳුල් සිනමා සිතුවම.

ලියෝන් කියන්නේ මැදිවියෙහි පසුවන තැනැත්තෙක්. ඔහු නොකළ සොරකමකට මැදි වෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ නොසිතූ විරූ අන්දමින් ලියෝන්ට මඩ ගහනවා. ඔහුට තම සැබෑ වෙසින් සමාජයට මුහුණ දෙන්න බැරි වෙනවා. ආයතනයක රැකියාවක් පවා නොදෙන තත්ත්වයට පත් වෙනවා. තම දරු පවුල රැක ගැනීමේ අරමුණින් ලියෝන් තීරණය කරනවා වෙස් මාරු කරගෙන රස්සාවක් කරන්න. ඔහු කාන්තා වෙස් ගන්නේ එතැන් සිටයි. ලියෝන්, ජෙනිස් බවට පත් වෙනවා. මේ වෙස් මාරුව නිසා ලියෝන් මුහුණපාන සිදුවීම් පෙළ තමයි මිස් ජෙනිස් සිනමාපටයෙන් දිගහැරෙන්නේ.

Book Tickets Online

Gallery